දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින ආචාර්ය අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හේතුවෙන්.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කර තිබුණා.
එහිදී හිටපු සභාපතිවරයා සඳහන් කර තිබුණේ, කතානායකවරයා උපාධි හිමි බව කීවේ නම් හිමි බව සනාථ කරන ලෙසයි.
එසේ නොමැති නම් අස්වෙන ලෙසත් එවැන්නන් නොකළ හොත් පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.
මේ අතර, ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා.
එමඟින් දේවසිරි මහතා අවධාරණ කරන්නේ, කතානායකවරයා ඉදිරිපත් කර ඇති තොරතුරු අසත්‍යය නම් අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.
The post කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මහින්ද දේශප්රියත් විමසයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.