බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළට හොර රහසේ ජංගම දුරකථන උපාංග රැගෙන ඒම වැළැක්වීම සඳහා ශරීර ස්කෑනර් යන්ත්‍ර භාවිත කිරීමට බන්ධනාගාර නිලධාරීහු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
බූස්ස බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බළකාය (STF) විසින් වරින්වර පරීක්ෂා සිදු කළද තවමත් හොර බඩු ඒ තුළ පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්/බුද්ධි) ගාමිණී දිසානායක මහතා පැවසීය.
“එබැවින් අධි ආරක්ෂිත බන්ධනාගාර තුළට ශරීර ස්කෑනර් යන්ත්‍ර හඳුන්වාදීමට අප සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවසරය බලාපොරොත්තුවෙන් සිටිනවා.
සතියකින් හෝ දෙකකින් ඒවා භාවිතයට ගැනීමට අපට හැකි විය යුතුයි,” ඔහු සඳහන් කර තිබේ.
පසුගිය සතියේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් සහ ඩේටා කේබල් හමුවීමත් සමඟ මෙම අදහස් පළකිරීම සිදුව ඇත.
The post ජංගම දුරකථන රැගෙන ඒම වලක්වන්න බූස්සට බොඩි ස්කෑනර් යන්ත්‍ර appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.