මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.075ක අගයකින් සහ විකිණුම් මිල රු.0.075ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 286.02ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු. 294.61ක් ලෙසයි.
අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 286.30 – රු. 294.30
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 286.50 – රු. 294.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 286.65- රු. 293.65
සෙලාන් බැංකුව – රු. 286.35 – රු. 293.35
කොමර්ෂල් බැංකුව – රු. 284.60 – රු. 294.40
අමානා බැංකුව – රු. 287.95 – රු.292.95
The post ඩොලරයේ අගය තවත් පහළට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.