ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ ගම්මහේගේවැව ශ්‍රී බෝධිරුක්ඛාරම විහාරස්ථාන භූමියේ සහ පදවිය ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ අරුණගම ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 05 වැනි දින සිදු කෙරිණි.