යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද කාන්තාවක පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පදවිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, බාලයාවැව, බෝගහවැව ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.
මෙම වෙඩිතැබීම සඳහා ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මරණයට පත් වූ කාන්තාව ඊයේ (05) නිවස අසල සිටියදී ඇයට වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post පදවියේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.