පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට සිය ආදායම් සහ වියදම් වාර්තා ලබාදීම සඳහා ලබා දී තිබූ කාලය අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී ඇත්තේ 1,985 දෙනෙකු පමණක් බවයි, එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.
එසේම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690න් 106 පමණක් ආදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කියා සිටියේ, ජාතික ලැයිස්තු සඳහා ඇතුළත් වූ අපේක්ෂකයන් 527 දෙනා අතරින් 57 දෙනෙකු පමණක් එම වාර්තා ලබා දී ඇති බවයි.
The post මහ මැතිවරණයේ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අදින් අවසන් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.