විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව වාර්තා වනවා.
විදුලිබල මණ්ඩලය මෙම සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට භාරදීමටයි සැලසුම් කර ඇත්තේ.
වාර්ෂිකව අවස්ථා 04 කදී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බවට පසුගිය ආණ්ඩුව සමයේ යෝජනා වී තිබුණා.
මේ අතර මෙම වසරේදී දෙවරක් හා පසුගිය වසරේදී අවස්ථා 03 කදී විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
කෙසේ වුවද අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවයි.
The post විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.