සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුළු 7ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.
රයන් රිකෙල්ටන් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 101ක් රැස් කළා.
පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 54 කට කඩුලු 03 යි. අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 02ක් දවා ගත්තා.
අද (06) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අද appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.