ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලිය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (06) පැවැත්විණි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.
එහිදී ප්‍රථමයෙන් “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය අවසන් කරනු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු කතානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා, වෙත පළඳවන ලද්දේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි. මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ටද මෙම අත් පළඳනාව පැළඳවීම මෙහිදී සිදු විය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් සහ කාන්තා සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී වූවාය.