වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව ගම්පහ පොලීසිය පවසයි.
ගම්පහ, අකරවිට ප්රදේශයේ පදිංචි කාන්තාවක් තම දියණිය දෙසැම්බර් 02 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඊයේ (05) රාත්රියේ ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.
දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්රකාශ කර තිබේ.
ඒ අනුව, අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා සැකකරු විසින් කොන්ක්රීට් ලෑල්ලකින් වසා ඇති බව හෙළි වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, ගම්පහ මහෙස්ත්රාත්වරයා විසින් මහෙස්ත්රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
The post 14 හැවිරිදි දැරියක් ඝාතනය කර සිරුර වැසිකිළි වලකට දාලා appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.