දොඩංගොඩ නෑහින්න ප්රදේශයේදී යතුරුපැදියක් මාර ගසක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, නෑහින්න ප්රදේශයේ පදිංචිව සිටි අසංක සුජිත් අනුර කුමාර සහ සුබ්රමනියම් පද්මරාජා නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.
මෘතදේහයන් දෙක විල්පාත ප්රාදේශීය රෝහලේ සහ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
දොඩංගොඩ නෑහින්න කැටගහේන ප්රදේශයේ දී බෑවුම් මාර්ගයක් සහිත ප්රදේශයේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
The post යතුරුපැදිය මාර ගසේ වැදී දෙදෙනෙක් මරුට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.