නැගෙනහිර ප්‍රදේශයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
මේ සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
The post ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.