නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියාගේ ගෙල කපා ඝාතනය කර ලක්ෂ දහයක මුදල් කොල්ල කෑ එම ඩිපෝවේම මුදල් අයකැමි අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල නෙළුම් වැව ප්රදේශයේ පදිංචි පනස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසියපවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඒ. යෝගනාදන් නැමැති 85 හැවිරිදි නුවරඑළිය ප්රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සඳහා තවත් පුද්ගලයකු සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
The post ඩිපෝ මුරකරු ඝාතනයට මුදල් අයකැමි අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.