නුවරඑලිය ලංගම ඩිපෝවේ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර ඩිපෝවේ තිබුණේ යැයි කියන රු දස ලක්ෂ පනස් එක්දහස් එකසිය හැට හතක මුදලක් රැගෙන ගිය සැකකරුවන් තිදෙනා නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය වැඩ බලන මහෙස්ත්රාත් අඹගහවත්ත මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බදුල්ල ප්රදේශයේ පදිංචි නුවරඑලිය ලංගම ඩිපෝවේ මුදල් අයකැමි වශයෙන් සේවය කල රාජපක්ෂ මුදියන්සේලාගේ පියදාස (55), එම ඩිපෝවේ රියදුරෙකු වශයෙන් සේවය කල ප්රගිත් සංජිව විරසිරි (40) සහ සැකකාර රියදුරාගේ මිතුරෙකු වන ඉටිහාමිමුදියන්සේලාගේ සම්පත් ජානක බණ්ඩාර (36) යන අයයි.
සැකකරුවන් තිදෙනා ඉකුත් (06) දින අලුයම 02 ට පමණ නුවරඑලිය ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල ඒ.ලෝගනාදන් (85) යන අයගේ ඩිපෝවේ ආරක්ෂක කුටියේ පුටුවක වාඩි වි සිටියදි ගෙල කපා ඝාතනය කර එම ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තබා තිබු මුදල් සොරාගෙන ගොස් තිබුණි.
එම ඩිපෝවේ කලමණාකරු විසින් තම ඩිපෝවේ මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක ලාච්චුවක තිබු රු දස ලක්ෂ පනස් එක්දහස් එකසිය හැට හතක මුදලක් සොරාගෙන ගොස් ඇති බවට නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාගේ උපදෙස් සහ අධික්ෂණය යටතේ නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශය, නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිලධාරින් නුවරඑලිය සහ හැටන් පොලිස් කොට්ඨාශ වල පොලිස් සුනඛ අංශයේ සහයෝගය ඇතිව ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කෙරිණ.
විමර්ෂණ කටයුතු වලදි එම ඩිපෝවේ සේවය කල මුදල් අයකැමි අත්අඩංගුවට ගෙන ප්රශ්ණ කිරිමේදි ඝාතනය සහ මුදල් මංකොල්ලයේ අනාවරණය වු තොරතුරු මත ඝාතනයට සම්බන්ධ එම ඩිපෝවේ රියදුරා සහ ඔහුගේ මිතුරා පසුව අත්අඩංගුවට ගැණින.
ඝාතනය සම්බන්ධ සැකකාර රියදුරාගේ මිතුරා මහව කිරබේ ප්රදේශයේ නිවසක සැගව සිටියදි නුවරඑලිය පොලිසියේ නිලධාරින් පිරිසක් එම ප්රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේදි ඔහුගේ ගෙවත්තේ වල දමා තිබු රු හය ලක්ෂ හැට හයදහස් පන්සියක මුදලක්, ඝාතනය භාවිතා කල පිහිය, අත් වැසුම් සහ අවසන් වරට ඇද සිටි ඇදුම් පැළදුම් සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් විය.
එම ඩිපෝවේ සැකකාර අයකැමි විසින් ඩිපෝව සතු රු තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක මුදලක් කාලයක් තිස්සේ අයථා ලෙස පරිහරණය කර ඇති බවත්, එම මුදලින් සැකකාර අයකැමි විසින් උකස් කර තිබු පවුම් 1 ½ ක රණ් ආභරණයක් උකසින් නිදහස් කරගෙන ඇති බවත්, තවත් මුදල් ප්රමාණයක් මිතුරන් කිහිපදෙනෙකුට ලබා දි ඇති බවටත් පොලිසිය විසින් සිදු කල විමර්ෂණයේදි අනාවරණය වි ඇත.
සැකකාර මුදල් අයකැමි විසින් අයථා ලෙස පරිහරණය කරන ලද රු තුන්ලක්ෂ අසු හතර දහස් හයසිය හැට හතක නුවරඑලිය ලංගම ඩිපෝව අයත් මුදල පියවා ගැනිම සදහා මෙම ඝාතනය සැලසුම් කර සිදුකළ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වි තිබේ.
The post නුවරඑලිය ඩිපෝ මුරකරු ඝාතනය කළ තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.