උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සඳහා අනියුක්ත කර ඇති බවයි.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කරන බව උපුල් රෝහණ මහතා සදහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, දෙසැම්බර් මස පළමු වන දින සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා වැටලීම් 150කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවයි.
The post මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දිවයින පුරා වැටලීම් අරඹයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.