අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (09) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ පිරිසට මරණ තර්ජන සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන පසුගිය 07වැනිදා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව මත්පැන්වලට අමතරව තවත් මත්ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව ඇති බවටයි, පසුගියදා කරුණු අනාවරණය වූයේ.
එහිදී මේ සම්බන්ධයෙන් වන කරුණු අධිකරණයට වාර්තා කළ බව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් අබේනායක සඳහන් කළේය.
මෙහිදී බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ චෝදනාවට මෙන්ම අනතුරට ලක්වූ වාහනයේ ගමන්කළ දෙදෙනාට මරණීය තර්ජනය කළ බවටද අදාලව නඩු දෙකක් සැකකාර ලොහාන් රත්වත්තේ වෙත ගොනුකර ඇති අතර, ඒ අනුවයි. ඔහු 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ.
The post ලොහාන් රත්වත්තේ කොටුව අධිකරණයට රැගෙන එයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.