සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (09) යි.
තරගයේ සිව්වැනි දිනය වන ඊයේ (08) දිනයේ තරගය නතර කරන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන සිටී.
දෙවෙනි ඉනිමට පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කිරීමට සමත් විය.
ඔවුන් පළමු ඉනිමට ලකුණු 358ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 328ක් රැස් කළේය.
ඒ අනුව, ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමින් දෙවෙනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව මෙම ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිමට ලකුණු 348ක ඉලක්කයක් හිමිවිය.
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 143ක් අවශ්‍ය අතර ඒ සඳහා ඔවුන්ට කඩුළු 05ක් ඉතිරිව තිබේ.
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.