ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය අදට (09) තිබෙනවා.
නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර තිබෙනවා.
රට වට බැඳි රන් පවුර තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදායි.
1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළා.
74 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් 2138ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින ඊළඟ තරාතිරමට උසස් කිරීමට කටයුතු කෙරුණා.
ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11ක්ද වශයෙන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් 2138ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදු කෙරුණා.
The post ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අදයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.