Cakey and Bakey නිර්මාතෘ දිල්මි ගොඩගේ Women Legends සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නිර්මාණාත්මක කේක් ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවාය. MUGP ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සමාජ සංවර්ධනය උදෙසා ඇය කළ කාර්යභාරය අගයමින් ‘Pride of Sri Lanka’ ගෞරව නාමයද ඇයට පිරිනමන ලදී. ගාල්ල ලබුදූවේ පිහිටි Cakey and Bakey ඉතා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් නැවුම් කේක් සහ වෙනත් බේකරි නිෂ්පාදන සකසයි. උපන් දින, සංවත්සර, මංගල සහ ආයතනික උත්සව අවස්ථා සඳහා අවශ්‍ය කේක් රස සහ මෝස්තර රැසකින් නිපදවන එම ආයතනය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. අලෙවිසැලට ගොස් හෝ මාර්ගගත ක්‍රමයට ඇණැවුම් කළ හැකි අතර ගාල්ල දිස්ත්‍රික්කයේ බෙදා හැරීමේ පහසුකම් ඇත. කෙටි කාලයකින් ක්ෂේත්රයේ නමක් දිනූ දිල්මි ගොඩගේ සහ Cakey and Bakey ආයතනය සමාජ මාධ්‍යවලද ජනප්‍රියය. පාරිභෝගික තෘප්තිය සහ ගුණාත්මක බව ඉහළින් සළකන දිල්මි ගොඩගේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ලෙස කේක් නිෂ්පාදනය කරයි. ඇය ආහාරවල ගුණාත්මක බව, පිරිසුදු බව සහ පාරිභෝගික සේවාව වැනි දෑ පිළිබදව පුහුණු වැඩසටහන් සහ වැඩමුළු රැසකට සහභාගී වී ඇත. Cakey and Bakey ආයතනය පසුගිය කාලය පුරා තත්ත්ව සහතික සහ වෙනත් ඇගැයීම් රැසක් ලබා තිබේ. “මම මුලින්ම සේවය කළේ බැංකු නිලධාරිනියක් ලෙස. මුලින්ම මම උපන්දින සාද සහ වෙනත් උත්සව අවස්ථා සඳහා කේක් හැදුවා. ව්‍යාපාරයක් වශයෙන් කේක් හදන්න කිසිම සැළැසුමක් තිබුණේ නැහැ. ව්‍යාපාරය ඇරැඹූ දිනයේ සිට මම දිවා රෑ නොබලා මහන්සි වෙලා වැඩ කරනවා. වර්තමානයේ මම විශාල දියුණුවක් ලබා තිබෙනවා. මම වගේ තරුණ ව්‍යවසායිකාවක් මෙවැනි සම්මානයකින් ඇගැයීමට ලක් වීම ගැන මට ඇත්තටම ආඩම්බරයි.” ඇය පැවසුවාය.